Gossips

හින්දු ආගමික දහම් පාසල් ආරම්භ කරන්නැයි උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හින්දු ආගමික නායකයන්ට කියයි

හින්දු ආගමික දහම් පාසල් නොමැති වීම ද්‍රවිඩ තරුණයන් නොමග යාමට හේතුවක් විය හැකි බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පවසනවා.
බෞද්ධ, මුස්ලිම් මෙන්ම කතෝලික දහම් පාසල් තිබුන ද හින්දු ආගමික දහම් පාසල් මෙරට කිසිදු ප්‍රදේශයක නොමැති බවයි ආණ්ඩුකාරවරයා පෙන්වා දෙන්නේ.
විශේෂයෙන් එවැනි දහම් පාසල් උතුරු පළාතේ ද නොමැති බැවින් හින්දු ආගමික නායකයන් හින්දු ආගමික දහම් පාසල් ආරම්භ කිරීමට සිතා බැලිය යුතු කාලය එළඹ ඇතැයි රෙජිනෝල්ඩ් කුරේ මහතා සඳහන් කළා.
යාපනය ආණ්ඩුකාර කාර්යාලයේ අද පැවති යාපනය ආරක්ෂක කමිටු රැස්වීමට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකළා.
මෙහිදී උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කියාසිටියේ යාපනයේ සිදුවන අයථා ක්‍රියාවලට පදිංචිකරුවන් නොමැති නිවාස බහුල වශයෙන් තිබීම ද බලපා ඇති බවයි.
එම නිවාසවල විවිධ අපචාර සහ වෙනත් හිංසාකාරී ක්‍රියා සිදුවන බවටයි වාර්තාවී ඇත්තේ.
එබැවින් එවැනි සමාජ විරෝධී සිදුවීම් පොලිස් ස්ථාන වෙත හෝ ආරක්ෂක අංශ වෙත දැනුම්දීම උතුරේ ජනතාවගේ යුතුකමක් බව රෙජිනෝල්ඩ් කුරේ කියාසිටියා.