Gossips

හිතේ ශක්තියෙන් රැක බලා ගන්නා මව් සෙනෙහස

තම මව්පියන් මහළු නිවෙස්වලට සිර කරන දරුවන් සිටින යුගයක, මව්පිය සෙනෙහස මහමෙරක් ලෙස සලකන දරුවන්ද, මිහිපිට සිටිනවා.
මේ පුවත අපට වාර්තාවන්නේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයෙන්.
මේ දෙහිඅත්තකණ්ඩිය සල්පිටිගම පදිංචි සරත් පුෂ්පකුමාර.
29 හැවිරිදි සරත්, සෙහොයුරු සෙහොයුරියන් 8 දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා.
වසර ගණනාවක් තිස්සේ අංශභාග රෝගී තත්ත්වයෙන් පීඩා විදින තම මව රැක බලා ගන්නට අද සරත් කුමාරට ශක්තියක් වී තිබෙන්නේ ඔහුගේ හිතේ ශක්තියත්, ගතේ වාරුවත්.
දවස ඇරඹි මොහොත් පටන් තම මවගේ සියලුම ඕනෑ එපාකම් නොපිරි හෙළා ඉටු කරන්නට සරත් කුමාර පෙළඹෙන්නේ උතුරා යන අසීමිත සෙනෙහස නිසායි.