Gossips

හිතූ දේ සිදුවුණා – නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පවතින අර්බුදයට කෙටි කාලයකින් විසඳුම් සෙවීමට කටයුතු කරන බව එහි නව මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ප්‍රකාශ කළා.
පක්ෂ මූලස්ථානයේදී අද සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට පත් වු හිටපු මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක ද අද නව තනතුරේ වැඩ භාරගනු ලැබු අතර එහිදී ඔහු මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළකලා.
මෙම අවස්ථාවට ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමේ මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක, ඩබ්ලිව්.ඩී .ජේ. සෙනෙවිරත්න, ඩිලාන් පෙරේරා ද එක්ව සිටියා.
එහිදී පක්ෂයේ සිදු වු තනතුරු වෙනස පිළිබඳව මාධ්‍යවේදින් ඔවුන්ගෙන් ප්‍රශ්ණ කළා.
එම අවස්ථාවේදී මන්ත්‍රීවරුන් කියා සිටියේ තනතුරු වෙනස්වීම තම කණ්ඩායම අපේක්ෂා කළ අයුරින්ම ඉෂ්ට වී ඇති බවයි.