Gossips

හිට්ලර් සහ බුදු දහම අතර සබදතාව අවබෝධ කර ගත නොහැකියි – අගමැති රනිල්

හිට්ලර් සහ බුදු දහම අතර පවතින සබදතාව තමාට අවබෝධ කර ගැනීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
ඒ මාතර – මහාමන්තින්ද පිරිවෙනට වසර 125 ක් සපිරීම නිමිත්තෙන් අද (23) පැවති උත්සවයක් අමතමින්.
‘‘ මම දන්නේ නැහැ හිට්ලර් සහ බුදු දහම එකතු කරගෙන යන්නෙ කොහොමද කියලා. මට නම් ඒක තේරෙන්නේ නැහැ. ඒක අපේ ධර්මයට විරුද්ධයි. අපිට විවිධ දේශපාලන අදහස් තියෙනවා, ඒක ප්‍රශ්නයක් නෙවෙයි. කාටද ඡුන්දෙ දෙන්නේ ඒවා ඔක්කොටම බුදු දහමෙ ඉඩ තියෙනවා. අපි කොහොමද පාර්ලිමේන්තුවේ හැසිරෙන්නේ ඒවා ප්‍රශ්න නෙවෙයි. ඒත් අපිට කියන්න බැහැ. ඉඩි අමීන් වගේ වෙන්න. අපිට කියන්න බැහැ පොල් පොට් වගේ වෙන්න. අපිට බැහැ හිට්ලර් වගේ වෙන්න. එයට විරුද්ධයි. ඒක ඕන වෙලාවක කරනවා නම් හෙලා දකිනවා. අන්තිමට ඕවා මං කිව්වා නම් අද ජනමාධ්‍යය මාව කාලා විනාශ කරනවා. දේ ඉඳන් ගහනවා. එක පත්තරයයි ඔය කතාව කිව්වෙ. අපි කළා නම් ප්‍රශ්න අහනවා පාර්ලිමේන්තුවේ. මුද්‍රිත මාධ්‍ය ඡායාරූපකරුවන් ගණනාවක් හිටියා. පුවත්පත් වාර්තා ටික රහත් වුණා. ඒ ගැන කතුවැකියක් වත් ලියන්නේ නැහැ. මම අහන්නෙ දැන් ඔහොම නම් හිට්ලර් කෙනෙක් ආවොත් මොකද වෙන්නෙ.’’