Gossips

හිට්ලර් ගැන අස්ගිරි අනුනාහිමියන්ගෙන් උත්තර

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ජන්ම දින සැමරුම් දානමය පුන්‍ය කර්මයේදී තමන් ප්‍රකාශ කළේ රටක් පාලනයේදී ඍජු ප්‍රතිපත්ති අවශ්‍ය බව මිස මිලේච්ඡ පාලනයක් අවශ්‍ය බව නොවේයැයි අස්ගිරි අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියන් පවසනවා.
ඒ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.
‘‘සමගි වන්න විවාද නොකරන්න’’ යන මැයෙන් අනුනාහිමියන් එම නිවේදනය නිකුත් කර ඇති අතර, දේශපාලනඥයන්ට අනුශාසනා කිරීම භික්ෂුන් වහන්සේලාගේ කාර්යභාරයක් බව ද එමගින් සිහිපත් කරනවා.