Gossips

හිටපු LTTE සාමාජිකයින් දෙදෙනෙකුට වසර 25 බැගින් සිර දඩුවම්

2007 වසරේදී යුද හමුදා සේනා විධායකවරයෙකු ඇතුළු අට දෙනෙකු විල්පත්තු වනෝද්‍යානයේදී වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට අධි චෝදනා ලබා සිටින හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් දෙදෙනාට අද වසර 25 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වුණා.
උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් එහිදී ප්‍රකාශ කළේ ඔවුන් වරද පිළිගත් චෝදනා 5 ට, එක් චෝදනාවකට වසර 05 බැගින් නියම කෙරුණු මෙම සිරදඬුවම වසර 05 කින් ගෙවී යන බවයි.