ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන මස 5 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ ඔහු අද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ජාතිකයාද එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටයි මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ.
එමෙන්ම මීළඟ නඩු දිනයේදී හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට ඇප ලබාදීමේ බලයක්, මහේස්ත්‍රාත් අධිකරණයට පවතීද යන්න සම්බන්ධයෙන්ද තීරණයක් ලබාදීමට නියමිතයි.
