Gossips

හිටපු DIG නාලක ද සිල්වා රක්ෂිත බන්ධනාගාරයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන නොවැම්බර් මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්නයි අද මෙම නියෝගය ලබාදුන්නේ.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන්.
ඔහු අද පස්වරුවේ 5 වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවුණු අතර එහිදීයි අත්අඩංගුවට ගනු ලැබුවේ.