Gossips

හිටපු සුපිරි පිතිකරු සහ ඔහුගේ ආදරණීය පුතු එකම කණ්ඩායමකින් පිටියට එයි

හිටපු සුපිරි පිතිකරුවෙකු සහ ඔහුගේ පුත්‍රයා එකම කණ්ඩායමකට ක්‍රීඩා කරන්න ලැබුණු අවස්ථාවක් පිළිබඳව සුවිශේෂ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම අවස්ථාව හිමිව ඇත්තේ ශිවනරීන් චන්ද්‍රපෝල් සහ ඔහුගේ පුත් Tagenarine Chanderpaul හටයි.
බටහිර ඉන්දීය කොදෙව් රටින් ක්‍රිකට් පිටියට පිවිසි ශිවනරීන් චන්ද්‍රපෝල් පිළිබඳව නොදන්නා කෙනෙක් නොමැති තරම්.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් වැඩිම ටෙස්ට් තරඟ සංඛ්‍යාවකට ක්‍රීඩා කර ඇති එක ම ක්‍රීඩකයා වන චන්ද්‍රපෝල් මීට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නා.
කෙසේ වෙතත් ක්‍රිකට් පිටියට නැතිව ම බැරි සුවිශේෂ පිතිකරුවෙකු වූ ඔහුගේ සේවය දේශීය සහ පළමුපෙළ ක්‍රිකට් තරඟාවලි සඳහා හිමිවූවා.
එසේ තිබියදී පසුගිය දිනක ඔහුට අලුත් අත්දැකීමකට මුහුණදීමට සිදුවූවා.
ඒ ඔහුගේ පුතු වන ටැන්ගරීන් චන්ද්‍රපෝල් සමඟ එකම කණ්ඩායමකට ක්‍රීඩා කිරීමට සිදුවීමයි.
Regional Super50 තරඟාවලියේ අවසන් පූර්ව තරඟයේ ගයනා කණ්ඩායම නියෝජනය කරමින් මෙම පිය පුතු දේපල ක්‍රිකට් පිටියට පිවිසියා.
තම පුතු ආරම්භක පිතිකරු ලෙස කණ්ඩායමට එක්වෙද්දී සුපිරි පිතිකරු චන්ද්‍රපෝල් තුන්වන ස්ථානයේ ක්‍රීඩා කරමින් ගයනා කණ්ඩායමට ශක්තියක් වූවා.
බොහෝ විචාරකයන් පෙන්වා දෙන්නේ යළිත් චන්ද්‍රපෝල් යුගයක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට උදාවීමේ පෙර ලකුණු පහළවී ඇති බවයි.
එම තරඟයේ විශේෂ අවස්ථා පහතින්.