Gossips

හිටපු සන්ධාන මහඇමතිවරුන්, ඡන්දයක් ඉල්ලා අධිකරණයට

පළාත් සභා සඳහා කඩිනමින් මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පළාත් මහඇමතිවරුන් තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පවසනවා.
උතුරුමැද, සබරගමුව සහ ඌව පළාත් සභාවල හිටපු මහඇමතිවරුන් ඒ සඳහා ඉදිරි දින කිහිපයේදී අධිකරණයට යාමට කටයුතු කරනු ඇති බවයි අනුරාධපුරයේ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
මේ අතර, ජනාධිපතිවරණයකට වඩා රටට අවශ්‍ය වන්නේ පළාත් සභා මැතිවරණයක් බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.
ගාල්ල – කරන්දෙනිය ප්‍රදේශයේ ඊයේ (14) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළා.