ලිංගික චෝදනා මත සිරගතව සිටි මලයාසියාවේ හිටපු විපක්ෂ නායකවරයෙකු වන අන්වර් ඊබ්රාහිම් අද (16) නිදහස්වී පිටතට පැමිණියා.
මලයාසියාවේ අග්රාමාත්ය ධුරයට පත් වූ මහතීර් මොහොමඩ් ඔහුට පොදු සමාවක් ලබාදුන් අතර, අන්වර් ඊබ්රාහිම් වසර දෙකක් ඇතුළත අග්රාමාත්ය ධුරයට පත් කරන බවටයි නව අග්රාමාත්යවරයා ප්රතිඥා ලබාදී ඇත්තේ.