Gossips

හිටපු මන්ත්‍රී සජින් ද වාස්ගෙන් පැය දෙකක් ප්‍රශ්න කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන, ශ්‍රී ලංකන් එයාර් ලයින් සහ මිහින්ලංකා සමාගම්වල සිදුවූ බව කියන අක්‍රමිකතා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම වෙත අද පැමිණියා.
මිහින්ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වූ සජින් ද වාස් ගුණවර්ධනගෙන් පැය 2 ක කාලයක් ප්‍රශ්න කළ බවයි එහි සිටි හිරු වාර්තාකරු සදහන් කළේ.
එමෙන්ම, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ද අද යළි එම කොමිසම හමුවට පැමිණ තිබුණා.