Gossips

හිටපු බන්ධනාගාර කොමසාරිස් ළමාහේවා යළි රිමාන්ඩ්

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා මේ මස 22 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, සැකකරු අද පෙරවරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
මෙම නඩුවේ වාර්තා කටයුතුවල නිරත වූ මාධ්‍යවේදියෙකුට මෙහි පළමු සැකකරු වන පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව අන්තර්ජාලය ඔස්සේ තර්ජනය කර ඇති බවට අගතියට පත් පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇත්නම් ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි අතිරේක මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ.