Gossips

හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් යළි රිමාන්ඩ්

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
සැකකරු අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී නියෝග කෙරුණේ ඔහු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව අභියාචනාධිකරණය ලබාදුන් නියෝගයකට අනුව පසුගිය මස 25 වනදා ඇප මත මුදා හැරුණා.