වත්තල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීමට පොලීසිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවට පොලීසිය භාර හිටපු අමාත්‍යවරයෙකු වන, වත්මන් සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග චෝදනා කරනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (12) පැවති වත්තල සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදියි.
එහිදී අමාත්‍යවරයා ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් කළා.
අමාත්‍යවරයා නිලධාරීන්ට චෝදනා කරන අතරතුර සම්බන්ධීකරණ කමිටුවේ සිටි සාමාජිකයෙකු ද නැගිට පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කළා.
