Gossips

හිටපු පෙම්වතියට තර්ජනය කර ලක්ෂ 11 ක් අරගත් තරුණයා අත්අඩංගුවට

තරුණියක් සමඟ ලිංගිකව එක්වන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කළ තරුණයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ තරුනයෙකුයි.
සැකකාර තරුණයා විසින් වෙන්නප්පුව, දුම්මලදෙණිය ප්‍රදේශයේ පදිංචි තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවක්‌ ඇතිකරගෙන තිබෙනවා.
පසුව ඔවුන් දෙදෙනා අවස්ථා කිහිපයකදී ලිංගිකව එක්වී ඇති අතර තරුණයා විසින් එම අවස්ථාවල දර්ශන ජංගම දුරකතනයෙන් පටිගත කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
අනතුරුව ටික කලක් ගතවීමත් සමඟ එම තරුණියගේ මව්පියන් එම ආදර සම්බන්ධයට විරුද්ධ වී ඇති බවයි පරීක්ෂණ වලදී හෙලිවී ඇත්තේ.
ඒ අනුව තරුණිය ඒ බව මෙම තරුණයාට පවසා එම සම්බන්ධය නවතා දැමීමට කටයුතු කර තිබෙනවා.
එහිදී තරුණයා පවසා ඇත්තේ තමන් සතුව ඇති වීඩියෝ දර්ශන අන්තර්ජාලයට එක්කරන බවයි.
එසේ නොකිරීමට තමන්ට මුදල් අවශ්‍ය බව පවසා එම තරුණියගෙන් අවස්ථා කිහිපයකදීම මුදල් ලබාගෙන ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
මේ සම්බන්ධයෙන් තරුණිය තම මිත්තනියට පවසා ඇයගේ ATM කාඩ්පත සහ එහි රහස්‍ය අංකය ඔහු වෙත ලබාදී ඇත්තේ අවශ්‍ය මුදල් ලබාගැනීමටයි.
ඒ අනුව තරුණියව බියගන්වා සැකකරු ලබාගෙන ඇති මුදල රුපියල් 11,29,400.00 ක් බවයි වාර්තා වන්නේ.
පසුව සැකකරු විසින් අදාළ වීඩියෝ දර්ශන අනතර්ජාලය එක්කර ඇති අතර පසුව තරුණිය ඒ පිළිබඳව දැනගෙන තිබෙනවා.
අනතුරුව තරුණිය විසින් සිය මව්පියන් දනුවත් කිරීමෙන් අනතුරුව පොලිසියට පැමිනිළි කිරීමත් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.