Gossips

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සී.අයි.ඩීයට පැමිණෙයි

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටිනවා.
අප වාර්තාකරු සදහන් කළේ අද පෙරවරු 9 ට පමණ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බවයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියේ පරීක්ෂණවලට අදාළව ඊයේ දිනයේ ද අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව නාලක ද සිල්වාගෙන් පැය 9 ක ප්‍රකාශයක් සටහන් කර ගනු ලැබුවා.