Gossips

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සී.අයි.ඩී යට

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද පෙරවරු 9.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.
ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂණවලට අදාළවයි.
පොලිස් මධ්‍යම අවි ගබඩාවෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයට ලබාදී තිබූ එල්.එම්.ජී. වර්ගයේ ගිනි අවි දෙක අතුරුදන්වීම සම්බන්ධයෙන් ද හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතයි.