Gossips

හිටපු නියෝජ්‍ය පොලිස්පතිට තවත් චෝදනාවක්

පසුගිය මාර්තු මාසයේ මහනුවර – දිගන නගරයේ ඇති වූ කලහකාරි සිද්ධිය මෙහෙයවූ ප්‍රධාන මහමොළකරු ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා බව සිංහලේ අපි ජාතික සංවිධානය ප්‍රකාශ කළා.
ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීම සදහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ එම සංවිධානයේ සභාපති පූජ්‍ය ජබුරේවෙල චන්දරතන හිමියන් මේ බව කියා සිටියා.
අනතුරුව එම සංවිධානයේ නියෝජිතයින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සමන්ති රණසිංහ වෙත ද ලිපියක් භාර දුන්නා.