නීතිවිරෝධී ලෙස ගිනි අවි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු 5 දෙනෙකු ඇප මත මුදා හරින ලෙස අධිකරණය අද නියෝග කළා.
ඒ, ඊට අදාළ නඩුව අද (02) කොළඹ මහාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදියි.
එහිදී අධිකරණය නියෝග කළේ රුපියල් දස දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙසටයි. මීට පෙර ඔවුන් ප්රතිශෝධන අයදුම්පතක් මගින් ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.
කෙසේ වෙතත්, කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට මිට පෙර කොළඹ මහාධිකරණ මරණ දඩුවම හිමිවුණා.
