Gossips

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු 6 දෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් ඇප

මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු විත්තිකරුවන් 06 දෙනාට අධි චෝදනා භාරදීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් අද ඇප නියම කළා.
ඒ අනුව විත්තිකරුවන් රුපියල් 25,000 බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප මත මුදා හැරීමටයි නියෝග කෙරුණේ.
පසුගිය ජනාධිපතිවරණ සමයේ ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් රුපියල් දස ලක්ෂ 90,000ක මුදලක් සාවද්‍ය සාපරාධි පරිහරණය කිරීම ඇතුළු චෝදනා දෙකක් යටතේ මෙම නඩුව පවරා තිබෙනවා.