Gossips

හිටපු නාවික හමුදාපති පැය 6 කට පසු CIDයෙන් පිටව යයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද දෙවන දිනටත් පැමිණි හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ පැය 6 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු ඉන් පිටව ගොස් තිබෙනවා.
අද පෙරවරු 9.30 ට පමණ ඔහු එම දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් පසු පස්වරු 3.30 ට පමණ එම ස්ථානයෙන් පිටව ගිය බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
2008 – 2009 කාල වකවානුවේදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළවයි ඔහුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගත්තේ.
පෙරේදා දිනයේද හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදුන්නා.
එමෙන්ම ඔහුව අත්අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ වනවිට නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.