Gossips

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩගෙන් ප්‍රශ්න කර අවසන් – රහස් පොලීසිය අධිකරණයට දැනුම් දෙයි

තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු වන හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා.
ඒ, මෙම නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම ප්‍රකාශවල සත්‍ය – අසත්‍යතාවය සම්බන්ධයෙන් විමර්ශණය කර ඉදිරියේදී අධිකරණයට කරුණු වාර්තා කරන බවයි.
තරුණයන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු ලූතිනන් කමාන්ඩර් නිලන්ත සම්පත් මුණසිංහ හෙවත් නේවි සම්පත් සහ හිටපු ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි මේ මස 23 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩගෙන් අවස්ථා 04කදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන තිබුණා.