හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් නිකුත් කළා.
ඒ, ඔහු විසින් මීට පෙර ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම කැදවූ අවස්ථාවේදියි.
එමෙන්ම ලබන 11 වනදා උදෑසන 9 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ද වසන්ත කරන්නාගොඩට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබුණා.
ඊට අදාළව ඔහු අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලමිනුයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබුවේ.