Gossips

හිටපු ඩී.අයි.ජී. නාලක හෙටත් රහස් පොලිසියට

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (23) 04 වන දිනටත් පැය 06 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා ගත්තා.
අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ (23) පස්වරු 01 ට පමණ එම දෙපාර්තමේන්තුව වෙත පැමිණි ඔහු රාත්‍රී 07 ට පමණ එම ස්ථානයෙන් පිටව ගිය බවයි.
කෙසේ වෙතත්, යළිත් හෙට (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙසට හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.
මේ වන විට එම දෙපාර්තමේන්තුව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගෙන් පැය 34 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියේ පරීක්ෂණවලට අදාළවයි මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්ණ කරනු ලබන්නේ.