Gossips

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීයාට එරෙහි නඩුවක් අවසන් කිරිමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කරයි

රුපියල් බිලියන 4 ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුලූ 4 දෙනෙකුට එරෙහිව විභාග වන නඩුව අවසන් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද තීරණය කළා.
ඒ අනුව, නඩුව විභාගයට ගන්නා විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි සැකකරුවන්ට මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේ.
අලූතින් පිහිටවූ විශේෂ මහාධිකරණය හමුවේ විභාග වන පළමු නඩුව මෙය වන අතර ඊට අදාළ නඩු විභාගය අගෝස්තු මස 24 වනදා ආරම්භ වීමට නියමිතයි.