Gossips

හිටපු ජනාධිපති ඇතුලූ තුන්දෙනෙකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා එල්ලවූ දෙදෙනෙකු නිදහස්

හිටපු, ජනාධිපතිි මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ පවරා ඇති නඩුවකින් විත්තිකරුවන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද තීරණය කළා.
ඒ එම නඩුව විනිසුරු සම්පත් අබේකෝන් හමුවේ සළකා බැලූනු අවස්ථාවේදියි.
නීතිපතිවරයා විසින් පවරා තිබූ මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර ඇති අධිචෝදනා පැමිණිලිකාර පාර්ශවය සාධාරණ සැකයකින් ඔප්පු කර නොමැති බවට නිගමනය කළ විනිසුරුවරයා මෙම තීන්දුව ලබාදුන් බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
මෙලෙස නිදොස් කොට නිදහස් කෙරුණේ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන එස්. කනගරත්නම්ගේ පුත්‍රයෙකු වන කනගරත්නම් ආදිත්‍යයන් සහ කන්දවනම් ගෝකුලනාත් නැමැති දෙදෙනෙක්.
2009 වසරේ මැයි මස 13 වනදා ඔවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබූ අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මොවුන්ට එරෙහිව නඩු පවරා තිබුණා.