Gossips

හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට මුල්‍ය චෝදනාවක්

ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් තැන්පත් කර තිබූ බැංකු ගිණුම් දෙකක් පිළිබඳ අනාවරණ වීමත් සමඟ මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.
ඔහුට අයත් පෞද්ගලික බැංකු ගිණුම් දෙකක සිදුවූ සැකසහිත ගණුදෙනු සම්බන්ධයෙන් මාලදිවයින් මහ බැංකුව කළ දැනුම්දීමකින් පසු එම ගිණුම් අත්හිටුවීමටයි එරට අධිකරණය පසුගියදා තීරණය කළේ.
මුල්‍ය වංචා චෝදනා එල්ලවීමත් සමඟ පසුගිය සතියේදී එරට පොලීසිය අබ්දුල්ලා යමීන්ගෙන් ප්‍රශ්න කිරීමක්ද සිදුකළා.