Gossips

හිටපු ජනාධිපතිගේ සැකය

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීම රජයේ වැඩපිළිවෙළක්මදැයි සැකයක් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
අනුරාධපුර අටමස්ථානය වැද පුදා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (17) උදෑසන අනුරාධපුර පුජා භූමියට පැමිණ ජයශ්‍රි මහා බෝ සමිදුන් සහ රුවන්වැලි මහ සෑ රදුන් වැදපුදාගනිමින් ආශිර්වාද ලබාගත්තා.