හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා රාජපක්ෂගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ එක්වුණා.
ඒ, දේහය තැන්පත් කර ඇති වීරකැටිය – මැදමුලන නිවසේදියි. එම අවස්ථාවට අමාත්‍ය විජේදාස රාජපක්ෂ, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ඇතුළු පිරිසක් ද එක්ව සිටි බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා රාජපක්ෂගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.
rn
rnrnrnrnrnrnrnrnrn
(ඡායාරූප – අනිෂා මානගේ )