අනිද්දා දිනයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී සාකච්ඡා කරන බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායම පවසනවා.
ඔවුන් මේ බව ප්‍රකාශ කළේ කොළඹ අද (18) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
සිය කණ්ඩායම තවදුරටත් ආණ්ඩුවට සම්බන්ධ කොටසක් නොවන බව මෙම මාධ්‍ය හමුවට එක්වූ හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.
එමෙන්ම, ඊයේ රාත්‍රියේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මධ්‍යම කාරක සභා රැස්වීම සම්බන්ධයෙන් ද ඔහු අදහස් පළ කළා.
