Gossips

හිටපු ජනපති සහ සන්ධාන නායකයන් අතර සාකච්ඡාව අවසන්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජනතා නිදහස් පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වුණා.
අද පස්වරු 5 ට පමණ ආරම්භ වූ මෙම සාකච්ඡාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයින්ද එක්ව සිටියා.
අප වාර්තාකරු සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද අදාළ සාකච්ඡාවට එක්වූ බවයි.