Gossips

හිටපු ජනපති සහ ඒකාබද්ධයේ නියෝජිතයින් අතර හමුව හෙට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ලබන මස 3 වන දා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එහිදී පක්ෂයේ තාවකාලික නිලධාරීන් මණ්ඩලය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායක හමුවක් හෙට පස්වරුවේ හිටපු ජනාධිපතිවරයාගේ නිළ නිවසේදී පැවැත්වෙනවා.
මෙහිදී ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම සමඟ කටයුතු කරන ආකාරය පිළිබදව ද සාකච්ඡා කිරීමට නියමිත බවයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ද ඉදිරියේදී රැස්වීමට නියමිතයි.