බංකොළොත් ආණ්ඩුවක් සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විවාදයකට සූදානම් නොමැති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මේ බව කියා සිටියා.
මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද අදහස් පළ කළා.
එහිදී ඔහු ප්‍රකාශ කළේ දෙමළ ඩයස්පෝරාවේ සහ දෙමළ ජාතික සන්ධානයේ පිළිබිඹුවක් අනුර කුමාර දිසානායකගෙන් පෙන්නුම් කරන බවයි.
