Gossips

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විරෝධතා පා ගමනට එක් වී ලේක්හවුස් වටරවුමට

ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කර ඇති ජනබලය කොළඹට විරෝධතා පා ගමන සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පිටකොටුව බෝධිය අසළින් එක්වුනා.
මේ වනවිට විරෝධතා පා ගමන් රැසක් ලේක්හවුස් වටරවුමට ළඟාවී ඇති අතර, හිටපු ජනාධිපතිවරයාද එම ස්ථානයට පැමිණි බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.
විරෝධතාව හේතුවෙන් කොටුව සහ පිටකොටුවේ මාර්ග සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.