Gossips

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විරෝධතා පාගමනට එක්වෙයි

ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කර ඇති ජනබලය කොළඹට විරෝධතා පා ගමන සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර පිටකොටුව බෝධිය අසළින් එක්ව තිබෙනවා.
මේ වනවිට විරෝධතා පා ගමන් රැසක් ලේක්හවුස් වටරවුමට එක්වීම නිසා කොටුව සහ පිටකොටුවේ මාර්ග සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවටයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
විරෝධතා පා ගමන් රැසක් ලේක්හවුස් වටරවුමට මේ වනවිටත් ළඟාවී අවසන්.