විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අද විපක්ෂ නායක කාර්යාලය භාර ගැනීමට නියමිතයි. පෙරවරු 8.45 ට විපක්ෂ නායකවරයා එම කාර්යාලයේ වැඩ ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. 
මීට පෙර විපක්ෂ නායක ධූරය දැරූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් විපක්ෂ නායක කාර්යාලය මෙතෙක් භාර දී තිබුණේ නැහැ.
කෙසේ වෙතත්, පසුගියදා නිදහස් සන්ධානයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර කියා සිටියේ නීත්‍යානුකූල අන්දමින් විපක්ෂ නායක කාර්යාලය මහින්ද රාජපක්ෂ වෙත ලබාගැනීමට කටයුතු කරන බවයි.



