Gossips

හිටපු ජනපති මහින්දගෙන් ජනපති අපේක්ෂකයා ගැන තවත් කතාවක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරන බවක්, තමා ඉන්දියාවේදී ප්‍රකාශ නොකළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
අනුරාධපුර – කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ විහාරස්ථානයක අද පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.
එසේම, නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් ද හිටපු ජනාධිපතිවරයා අදහස් පළ කළා.
නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සිදුකළ ප්‍රකාශය බරපතල ප්‍රකාශයක් බවත් ඒ පිලිබදව වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් හිටපු ජනාධිපතිවරයා සදහන් කළා.