විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා සහයෝගය ලබා දීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණට දැනුම් දුන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.
කෙසේ වෙතත්, යෝජනාව සම්මත වූ දිනයේදීම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවට, එම යෝජනාවේම කොටසක් ලෙස ඇතුළත් කළ යුතු බවයි කොළඹ අද(18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කියා සිටියේ.
