Gossips

හිටපු ජනපති මහනුවරදී සර්ව ආගමික නායකයින් හමුවෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ සර්ව ආගමික නායකයින් ද අද මහනුවරදී සාකච්ඡාවක නිරත වුණා.
අප වාර්තාකරු සඳහන් කළේ ඊට අස්ගිරි සහ මල්වතු පාර්ශවය නියෝජනය කරමින් අනුනායක ස්වාමීන් වහන්සේ, ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේ සහ කාරක සංඝ සභාවේ භික්ෂූණ් වහන්සේ ඇතුළු සර්ව ආගමික නායකයින් රැසක් එක්ව සිටි බවයි.
එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ ඇති වූ තත්ත්වය සමතයකට පත් කිරීම සඳහා මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි.