Gossips

හිටපු ජනපති දෙබිඩි පිලිවෙතක – එජාපය කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දෙබිඩි ක්‍රියා පිලිවෙතක් අනුගමනය කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් කියා සිටියේ ඉන්දිය සංචාරය අතරතුර හිටපු ජනාධිපතිවරයා සිදුකල ප්‍රකාශ මගින් එය පැහැදිලි වන බවයි.
කිරිපැකට් සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට චෝදනා කර ජනබලය කොළඹට විරෝධතාවයේ අසාර්ථකභාවය වසා ගැනීමට ඒකාබද්ධ විපක්ෂය උත්සහ කරමින් සිටින බවද එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුෂාර ඉදුනිල් සහ හර්ෂණ රාජකරුණා කියා සිටියා.