Gossips

හිටපු ජනපති ඉන්දියාවේ හිටපු අගමැති හමු වෙයි (ඡායාරූප)

ඉන්දියාවේ නිල සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං සහ කොන්ග්‍රස් පක්ෂ සභාපති රාහුල් ගාන්ධි හමුවී තිබෙනවා.
අද උදෑසන මෙම හමුව සිදුවී ඇත්තේ ඉන්දියාවේ හිටපු අගමැතිවරයාගේ නවදිල්ලි නුවර නිල නිවසේදීයි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද එක්ව සිටියා.