හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් අද(27) පස්වරුවේ ඉන්දියාවට ළඟාවුණා.
අප ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ ඇතුළු 6 දෙනෙකුගෙන් යුතු පිරිසක් සමඟ අද (27) අලූයම 4.46ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් 173 දරණ ගුවන් යානයෙන් බැංගලෝර් බලා පිටත්ව ගිය බවයි.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ තිරුපති දේවාලය වැද පුදා ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙලෙස ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බවයි.
කෙසේ වෙතත්, ඔවුන් අද (27) රාත්‍රීයේ යළිත් දිවයිනට පැමිණීමට නියමිතයි.
