Gossips

හිටපු ජනපතිවරුන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි බව පොහොට්ටුව කියයි

එළඹෙන ජනාධිපතිවරණය සඳහා හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂට සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගට ඉදිරිපත් විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මේ බව සඳහන් කළා.
මේ අතර, සාමාන්‍ය පෙළ විභාගය අසමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 112 දෙනාගේ ලැයිස්තුව හෙළි කරන්නැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්නට අද අභියෝගයක් කළා.
එම ලැයිස්තුව හෙළිදරව් කළහොත් තමන් සිය මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමට සූදානමින් සිටින බවයි කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.