Gossips

හිටපු ජනපතිනිය ඉවත් වූ 16 ගැන කතා කරයි

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මැති ඇමතිවරුන් 16 දෙනා යහපාලන ආණ්ඩුව විනාශ කිරීමට කටයුතු කළ පුද්ගලයින් බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසනවා.
ඔවුන් නොමැතිව ආණ්ඩුව ඉදිරියට ගෙන යාම ගැටළුවක් නොවන බවයි අත්තනගල්ල ප්‍රදේශයේ අද පැවැති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඇය කියා සිටියේ.