ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුද ඇති කිරීම පිටුපස, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග සිටින බවට තොරතුරු ලැබී ඇතැයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසනවා.
කොළඹදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ නිදහස් පක්ෂය සුරැකීමේ මුවාවෙන් ඇතැමුන් එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත් ඉටු කරමින් සිටින බවයි.
