Gossips

හිටපු ජනපතිනියගේ ක්‍රියාව ගම්පහ වෘත්තීය ජනමාධ්‍යවේදී එකමුතුව හෙළා දකී

පසුගියදා පැවති අත්තනගල්ල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මාධ්‍යවේදීන්ට බැනවදිමින් ක්‍රියාකල ආකාරය තරයේ හෙළා දකින බව ගම්පහ වෘත්තීය ජනමාධ්‍යවේදී එකමුතුව පවසනවා.
අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පලකළා.
හිටපු ජනාධිපතිනිය සහ අත්තනගල්ල එක්සත් ජාතික පක්ෂ සංවිධායක, චන්ද්‍රසෝම සරණලාල් යන මහත්ම මහත්මීන්ගේ සම සභාපතීත්වයෙන් පැවති අත්තනගල්ල සංවර්ධන කමිටු රැස්වීම ආවරණය කිරිම සඳහා ප්‍රාදේශීය ලේකම්වරයා ලිඛිතව මාධ්‍යයට ආරාධනා කර තිබුණා.
සංවර්ධන කමිටු රැස්වීමට මාධ්‍යවේදීන් පැමිණ සිටීම සම්බන්ධයෙන් එහිදී හිටපු ජනාධිපතිනිය විරෝධය පලකළා.