ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම සභාපති ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදිය නොහැකි බව එම පක්ෂ මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ අද (30) පෙරවරුවේ මහනුවර – කටුකැළේ ප්‍රදේශයේ පැවති පිළිගැනීමේ උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
