Gossips

හිටපු ජනපතිට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හිමිවිය යුතු බව ඇමති පාඨලී කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හිමිවිය යුතු බව ජාතික හෙළ උරුමය පවසනවා.
එහි මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක ඊයේ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ආණ්ඩුවේ දෙපාර්ශවය පැහැදිලි වෙනසකට ලක්විය යුතු බවයි.
මේ අතර, අමාත්‍ය ගයන්ත කරුණාතිලක කියා සිටියේ අවශ්‍ය වෙනස්කම් සිදුකරමින් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් ආණ්ඩුවකට ගමන් කිරීමට සූදානම් බවයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
කෙසේ වෙතත්, මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක ප්‍රකාශ කළේ එජාපයේ නායකත්වය වෙනස් විය යුතු බවයි.
එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක මෛත්‍රී ගුණරත්න ඊයේ මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය එක්ව නව වෙනසක් ඇති කළ යුතු බවයි.
ඒ සදහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ඇතැම් පිරිස් ද එක්කර ගත හැකි බවයි ඔහු කියා සිටියේ.