Gossips

හිටපු ජනපතිගේ ඡන්ද ව්‍යාපාරයට මුදල් දුන් චෝදනාව චයිනා හාබර් ප්‍රතික්ෂේප කරයි (ඡායාරූප)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් යෙදවූ බවට පළවූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා අසත්‍ය චෝදනා මත පදනම්ව ගොනුකර ඇති බව චයිනා හාබර් සමාගම පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම කියා සිටියේ කිසිවිටකත් තමන් රටක අභ්‍යන්තර කටයුතු වෙනුවෙන් මැදිහත් නොවූ බවයි.
2015 වසරේ හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයට චයිනා හාබර් සමාගම මුදල් ලබාදුන් බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත පළ කළ ප්‍රවෘත්තියට ප්‍රතිචාර දක්වමිනුයි එම සමාගම මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ.